ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති දැඩි තීරුබදු පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

“චෝදනාවක් කළා අපි මැදිහත් වුණේ නෑ කියලා මේ ඇමරිකානු බදු සම්බන්ධයෙන්. ඇත්තටම කියන්න කණගාටුයි තොරතුරු නැතිව තමයි මේ චෝදනා ඉදිරිපත් කරන්නෙ. මේ වෙනකොට ආසියානු කලාපයෙන් අපි පමණයි එකම රට ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක ද්විපාර්ශ්වික ගනුදෙනුවෙන් මේ බදු සහනය ලබාගැනීමේ සාකච්ඡාවෙ ඉන්නෙ. අපට දැනට තියෙන තොරතුරු අනුව ඉතාමත් වාසිදායක තත්වයකින් ඒ කටයුතු අවසාන කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා”

අනිල් ජයන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජුනි 30) පැවති විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...