මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

Date:

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය කිරීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම E-8 වීසා යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයින් යැවීම ආරම්භ කරන ලද්දේ මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි සමයේදී ය.

ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඒ දිනවල ප්‍රකාශ කර තිබුණේ “මම පුද්ගලිකව ගිහිල්ලා මේ අයගෙන් ඉල්ලීමක් කළා මේ E-8 කියන වීසා කාණ්ඩය අපිට ලබාදෙන්න කියලා. ඒ අනුව ඔවුන් ලංකාවටත් මේ E-8 වීසා කාණ්ඩය ලබා දීමට කටයුතු සූදානම් කළා. ඒ අනුව ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්ත වලින්. අපේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ නගර සභාවකට හෝ පළාත් සභාවකට වෙනත් රටක් සමග ගිවිසුම් ගත වෙන්න බෑ. ඒ නිසා ඒ රට අන්තිමේ දී එකඟ වුණා සමාන්‍ය මට්ටමේ එකඟතාවයකින් බඳවා ගැනීම කරන්න අපි කළ ඉල්ලීමට සවන්දීමක් හැටියට. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව සහා පෞද්ගලික විදේශ සේවා ආයතන සමග එක්ක එම කාර්ය සිදුකිරීමට ඔවුන් එකඟ වුණා” යනුවෙනි.

එහෙත් වත්මන් රජය බලයට පැමිණි වහාම මෙම E-8 වීසා ක්‍රමවේදය දැවැන්ත වංචාවක් බවත් ප්‍රාන්ත රජයක් සමග එළඹුණු අවබෝධතා ගිවිසුම් පිළිගත නොහැකි බවත් පවසමින් එය අත්හිටුවන ලදී.

කෙසේවෙතත් රජය නැවතත් අවබෝධතා ගිවිසුම් ක්‍රමවේදයක් හරහා මෙම කොරියානු E-8 වීසා රැකියා අවස්ථා යළි සක්‍රිය කිරීමට දැන් තීරණය කර තිබේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ තරුණ තරුණියන් බහුතරයකගේ අපේක්ෂාව වී ඇත්තේ විදෙස් රැකියාවක නිරතවීම වන බැවින් පමාවී හෝ මෙම E-8 වීසා ක්‍රමවේදය යළි සක්‍රිය කිරීමට රජය තීරණය කිරීම සතුටට කරුණකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...