09 වෙනිදා සිදුවීම්වලට අත්අඩංගුවේ ඉන්න අය බහුතරයක් අපේ අය නෙවෙයි.පොලීසියම තහවුරු කළා! (VIDEO)

Date:

පසුගිය 09 වැනිදා රට තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් අතරින් බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් නොවන බව ද (23) පොලිස්පතිවරයා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙක් සමඟ පැවති සාකච්ජාවේදී තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

ඒ, එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දේශපාලන භේදයකින් තොරව එම අත්අඩංගුවට ගැනීම් සිදුව තිබෙන නමුත් යම් යම් දේශපාලකයින්ගේ ලැයිස්තු අනුව අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ නම් ඒ ගැන අපක්ෂපාති පරීක්ෂණ සිදුකිරීමට පොලිස්පතිවරයා එකඟ වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දේශපාලන පලිගැනීම් මත සිය පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් ඇතැම් දේවල් සිදුවෙමින් තිබෙන අතර ඒ ගැනත් සොයා බැලීමට එම සාකච්ජාවේදී පොලීසිය පාර්ශවයෙන් එකඟ වී තිබේ.

ඒ අනුව පොලීසිය පාර්ශවයෙන් සිදු විය යුතු අපක්ෂපාතී බව තහවුරු කරන ලෙස සිය පාර්ශවයෙන් අවධාරණය කළ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මෙම අවස්ථාවට එක්ව සිටි දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ රතුපාට ටී ෂර්ට් ඇන්ද පළියට ජේවීපී හෝ යූඑන්පී නොවන බවයි.

අවම වශයෙන් එය හෝ දන ගෙන කටයුතු කර නැති බවයි හදුන්නෙත්ති මහතා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...