පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්‍රශ්නය විසඳයි!

Date:

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමේ දී පළාත් පාලන කොමසාරිස්වරයා හෝ කොමසාරිස්වරියට සිය අභිමතය අනුව කටයුතු කළ හැකි අතර එය කිසිවෙකුට අභියෝගයට ලක් කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එම ප්‍රතිපාදනය පනතෙන් ලබා දී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

“පලාත් පාලන ආයතනයේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා පත් කිරීමේ බලය තියෙන්නේ පලාත් පාලන කොමසාරිස්වරුන්ට. පනතේ හැටියට පලාත් පාලන කොමසාරිස්ට ඇති එම බලයට අභියෝග කිරීමේ හැකියාව කිසිවෙකුට නෑ. සිය අභිමතය අනුව කටයුතු කිරීමට කොමසාරිස්ට ඇති බලයට නීතිමය වශයෙන් කිසිදු බාධාවක් නෑ.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරයි.

සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව පවසා තිබුණේ මැතිවරණ කොමිසම, දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරනු ලබන වැඩමුළුවකට සහභාගී වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...