දිස්ත්‍රික් 306 D5 අධිපති ශෂිකුමාර් සුබ්‍රමනියම් ආගමික වතාවත් වලින් අනතුරුව සිය ධූරයේ වැඩ අරඹයි!

කොළඹ (LNW): දිස්ත්‍රික් 306 D5 සිංහ සමාජය සඳහා අලුතින් තේරී පත් වූ දිස්ත්‍රික් අධිපති සෂිකුමාර් සුබ්‍රමනියම් SCA PMJF PMAF සහ ආර්යාව වන අබිරාමි සෂිකුමාර් PMJF PMAF යන අයවලුන් ජූලි 1 වන දින ආගමික වතාවත්වලට සහභාගී වෙමින් 2025/2026 යන වසර සාර්ථක සිංහ වර්ෂයක් කරළීමට අවශ්‍ය ආශිර්වාදය ලබා ගත්හ.

කැලණිය රජමහා විහාරයේදී පැවති විශේෂ පිරිත් දේශනාවකින් අනතුරුව දිස්ත්‍රික් අධිපති ධුරයට පත් වූ ශෂිකුමාර් සුබ්‍රමනියම් මහතා සහ ආර්‍යාව අබිරාමි විසින් දිස්ත්‍රික් 5 හි අනෙකුත් ප්‍රධාන නිළධාරීන් සමඟ රජමහා විහාරයේදී පමණක් නොව, ශ්‍රී කයිලේශ්වරම් කෝවිලෙන් ද, කොළඹ අගරදගුරු පදවිය සහ මස්ජිදුල් කදීර් ජුම්මා මස්ජිඩ් යන ස්ථානවලදී ද දේව ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළහ.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අධිපතිවරයාට සහ ඔහුගේ කණ්ඩායමට ඉදිරි වසර සාර්ථක කර ගැනීමට ආශිර්වාද කළහ.

“SERVE WITH SASHI” යන තේමාව යටතේ අධිපතිවරයාට සහ ඔහුගේ ආර්යාවට ආශිර්වාද කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ආගමික වතාවත් වලින් අනතුරුව අධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම දිස්ත්‍රික් 306 D5 සිංහ කාර්යාලයට ගොස් සුබ මොහොතින් තම රාජකාරි ආරම්භ කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...