නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW :

විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කළ යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අදාල නිලධාරින් වෙත උපදෙස් ලබාදී තිබෙන බව පැවසේ.

උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමග අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියේය.

විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගෙන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සිදු වන සියලු ආකාරයේ හිංසනයන් සොයා බැලීමට සහ ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට වසර 03ක් සඳහා පත් කර ඇති මෙම කාර්ය සාධක බලකායට අවශ්‍ය බලය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරිය එහිදී පවසා ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපාන අමාත්‍යංශය පැවසුවේ, නවක වදය වැනි හිංසනකාරී සිදුවීම් සඳහා පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් බලපාන හේතු පවතින බව මෙහිදී කාර්ය සාධක බලකායේ නියෝජිතයින් පෙන්වා දුන් බවයි. අධ්‍යාපන පරිපාලනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් අතර නිසි සබඳතාවක් ගොඩ නැගී නොතිබීම, නවක වදය පිළිබඳ සිසුන් තුළ පවතින වැරදි ආකල්ප, අවනත කර ගැනීම සහ ගෞරවය ලබා ගැනීම සඳහා හිංසනය භාවිත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී එම නියෝජිතයින් විසින් කරුණු පැහැදිලි කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුන්ට ලකුණු ලබා දීමේදී සහ පන්ති සාමර්ථ ලබා දීමේදී පරිපාලනය සහ ආචාර්යවරුන් සිසුන් සඳහා සිදු කරන බලපෑම් නිසා සිසුන් ආතතියට පත්වීම වැනි කරුණු පිළිබඳව ද එහිදී අවධානය යොමු වූ බවයි .

අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කෙටිකාලීනව හා දිගුකාලිනව ගත යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේද සහ යාන්ත්‍රණ සකස් කරන ලෙසත්, නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීතී යාවත්කාලීන කරන අතර ආකල්ප සංවර්ධන වැඩසටහන් වැනි දේ සංවිධානය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...