පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

Date:

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක වැටුප් අර්බුදය මේ වනවිට ඉතාමත් අර්බුදකාරි තත්වයකට පත්වී ඇති බව වාර්තා වේ.

දැන් වනවිට සේවක වැටුප් ලබාදෙන්නේ සැම මසකම 5 වැනිදායින් පසුව වන අතර ස්ථිර නොවන සේවකයින්ට වැටුප කොටස් වශයෙන් ලබාදෙන බව සඳහන්.

එම සමාගමේ සේවකයින් පවසන්නේ නිසි බලධාරි ජනක රත්නකුමාරට රිසිසේ සියල්ලම සිදුවන බවත් එහිදී ගිනුම් අංශයේ ප්‍රධානි සුමිත්ට කළහැකි දෙයක් නොමැති බවත් ය. එමෙන්ම සමාගමේ සභාපති රන්ජිත් විජයවර්ධන මහතා සිය විරෝධය පලකළත් නිසි බලධාරියා එය නොසලකන බවත් ගිනුම් අංශයේ රොෂාන් තන්තිරිගේ සජිත් සහ කඩදාසි අංශයේ මුරකරැ තරංග අත්තනායක කොම්පැණිය පාඩු නිසා පඩි නොගෙවමු කියා යෝජනා කර ඇති බවත් සේවකයින් වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම හිටපු කළමණාකරැ ලාල් ජයවර්ධනගේ බෙල්ල කපා ඔහුගේ සේවය නතර කළේ මොවුන් විසින් බවත් සේවකයින් ගොස් වැටුප් ඉල්ලුවිට ගිනුම් අංශයේ රොෂාන් සජිත් හා තරංග සේවකයින්ට අසභ්‍ය වචනයෙන් බැණවදින බවත් පවසන සේවකයින් මොවුන්ට විශාල තර්ජනයක් එල්ල කරමින් සිටින්නේ මුද්‍රණ අංශයේ කඑපහන විසින් බවත් ඔහු පෙරටුගාමි දේශපාලන ව්‍යාපාරයේ ලංකාදිප කැදවුම්කරැ බවත් සඳහන් කරයි.

විජය පුවත් පත් සමාගමේ මාසිකව දැන්විම් ආදායම රුපියල් මිලියන 300 ඉක්මවනබව එහි සේවය කරන ඉන්දික ජයමහ පවසන නමුත් ජනක ඒ මුදල් තමන්ගේ දැඩි විරෝධය නෙතකා පාඩු ලබන ද ටයිම්ස් ස්කුල් , සුප්රිම් අභයාස පොත් සහ අනුරාධපුරයේ හොරව්පොතාන සංචාරක හෝටලය සදහා යොමුකරන බවත් සේවකයෝ පවසති.

එහි කළමණාකාරි රැවනි සහ සුප්රිම් පොත් අංශයේ බුද්ධිකට ඉහලම සැලකිලි ලබාදෙන අතර රැවනිට ලක්ෂ 7ක සහ බුද්ධිකට ලක්ෂ 6 ක වැටුප් සමග අමතර දිමනා ලබාදෙන නමුත් ඒ දෙදෙනාම අසාර්ථක චරිත 2 ක් බව සේවක මතයයි. අවුරැද්දක් ගතවුණත් ඉස්කෝලයට තවමත් එකම ළමයෙක්වත් නැති අතර බුද්ධික ටොපි කොලයක්වත් මුද්‍රණය කර නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.

අති සාර්එක විජය පුවත්පත් සමාගමේ ලංකාදිප, සන්ඩේ ටයිම්ස්, ඩෙලිමිරර් කතුවරැන්ට රැවනිලාගේ වැටුපෙන් අඩක්වත් ජනක ඔවුන්ට නොගෙවන බව සඳහන්.

විශාල ආදායමක් ලබාදෙන දැන්විම් අංශයේ සේවකයින්ට කොමිස් මුදල් නිසි බලධාරි ජනක විසින් නවතා දමා ඇති අතර මේ සම්බන්ධයෙන් එහි සේවක දර්ශන විසින් ඉන්දිකගෙන් විමසුවිට අයකැමි රොෂාන් සහ සජිත් ආයතන පාඩුලබන නිසා තවම වැටුප් ලබාදෙන දිනයක් කිව නොහැකි බවක් පවසා ඇතැයි ද වාර්තා විය.

ළගදිම ආරම්භ කිරිමට නියමිත ජනමාධ්‍ය ආයතනයකට එහි දැන්විම් අංශයට ඉන්දික ජයමහ විසින් දර්ශන සිල්වා සහ නිපුලි විරතුංග සමග සාකච්ජාවක් ජිම්කානා ක්ලබ්හිදි පවත්වා ඇති බවත් අද මොවුන් සියලුම දෙනා ජනකගේ ප්‍රතිවාදින් බවත් සඳහන්.

එදා ලංකාවේ පත්තර මහ ගෙදර ලෙස විරැදාවලිය ලත් ලේක්හවුස් අධිපති රන්ජිත් විජයවර්ධන මහතා විසින් සිය ව්‍යාපාරය රජයට පවරාගත් පසුව මිට වසර 40 කට පෙර ආරම්භ කළ විජය පුවත්පත් සමාගම ලංකාවේ අංක එකේ පත්තර කන්තෝරැව බවට පත්කිරිමට ඔහු සමත්වුණත් පසුව පැමිණි ප්‍රධාන විධායක ජනක රත්නකුමාර විසින් එය බංකොලොත් කළ බව දෙදහසක් පමණවන සේවකමතය බව එහි ක්‍රියාකාරි කඑපහන පවසයි.

එසේම නියෝජ්‍ය සභාපති සුජාන් විජේවර්ධනට මේ සියල්ලට අන්ධවිම විශාල ප්‍රශ්නයක් බව ඉරිදා ලංකාදිප කතුවරයා පවසන අතර ලංකාදිපයට අබසරණයි කියා එහි ඡේෂ්ඨ පුවත් පත් කලාවේදි සුජිත් හේවාජුලිගේ විසින් සේවක අයිතිවාසිකම් වෙනුවෙන් හඞක් නගන පෙරටුගාමි කඵපහන අමතා පවසා ඇති බවත් සේවක ආරංචිමාර්ග සඳහන් කරයි.

ලබන 25 වනිදා සියලුම සේවකයින් කඑපටි හිසේ පැළදගෙන උද්ඝෝශනයක නිරතවන බවට එහි පිරිස් කළමණාකරැ තිස්ස කහදවල ඊයේ හවස ඊමේල් පණිවුඩයකින් දැනුම්දි ඇති අතර ඔහු එම ඊමේල් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් කරඇත්තේ එකම විසදුම ජනක රත්නකුමාර වහාම ඉල්ලා අස්වි හිටපු අධ්‍යක්ෂක ප්‍රිති විරාජ් ද සිල්වා මහතා නැවත සේවයේ පිහිටුවීම ලෙස බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

~ විශේෂ ලියුම්කරුවකු විසිනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...