ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

Date:

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇමරිකාව තුළ ආරම්භ කරන ලද නව පාලනය යටතේ පනවන ලද ආනයනික තීරු බදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් අවධානය යොමුකර තිබේ.

එම තීරු බදු ක්‍රියාත්මක කිරීම ජූලි 09 වැනිදා දක්වා දක්වා කල් තැබුණු අතර 09 වැනිදායින් පසු තවදුරටත් කල්නොදමා එය ක්‍රියාත්මක කරන බවයි ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත්තේ.

එමතීරු බදු පැනවීමත් සමඟ ගෝලීය වෙළෙදපොළ විශාල කම්පනයකට ලක්වූ අතර රටවල් රැසකින් කරන ලද ඉල්ලීම් මත එය ක්‍රියාත්මක කිරීම කල් තැබුණි.

නව තීරු බදු ක්‍රියාත්මක කළද එක් එක් රටට පනවා තිබෙන බදු අනුපාත පිළිබදව යළි සලකා බැලීමක් සිද්ධ නොවන බවක් ඇමරිකානු නව පරිපාලනය ප්‍රකාශ කර නොමැති වීම තුළ යම් අස්වැසිල්ලක් හිමිවනු ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, ඇතැම් රටවල් සම්බන්ධයෙන් කිසිදු සමාවක් හිමි නොවන බව ද ට්‍රම්ප් දැනටම අනතුරු අඟවා තිබේ. ජපානය එවැනි එක් රටක් වන අතර චීනය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේදී චීනය ඇමරිකාවට අවනත නොවන තත්ත්වයක ඔවුන්ද පෙරළා ඇමරිකානු ආනයන මත බදු පැනවීම සිදුකරන ලදී.

ඉන්දියාව සම්බන්ධයෙන් ඇමරිකාව පවසා ඇත්තේ ඇමරිකානු නිෂ්පාදන සදහා ඉන්දීය වෙළදපොළ තවදුරටත් විවෘත වන්නේ නම් ඇමරිකානු වෙළද පොළට සිදු කරන ඉන්දීය අපනයන සදහා යෝජනා කර තිබෙන ඉහළ තීරු බදු අනුපාත පහළ දැමිය හැකි බවයි.

ඒ අනුව ඇමරිකාව ගෝලීය ප්‍රජාව සමඟ වෙළෙඳ කේවල් කිරීමක නිරතව සිටින අතර ඊට දැඩි අප්‍රසාදයද පළව තිබේ.

මේ අතර එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ද සහභාගී වූ අතර එහිදී සාධනීය ප්‍රතිචාර ලද බවයි මෙරට නියෝජිතයින් පවසා තිබුණේ.

පවතින තත්ත්වය අනුව ඇමරිකාවේ හැසිරීම මත ජූලි 09 වැනිදා වන විට යළි ගෝලීය වෙළෙඳාම සම්බන්ධයෙන් වන සාකච්ජාව යළිත් ඉස්මතුවනු ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...