හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

Date:

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW :

නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. ඔවුන්ට එරෙහි චෝදනාව වන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි යන චෝදනාවයි.

ඒ අනුව මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශාංක මහතා විසින් ලබා දී තිබේ. මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන චෝදනා මහාධිකරණය හමුවේ විභාග කළ හැකි බවය.

එමෙන්ම එම අධි චෝදනා ඉදිරිපත් කිරීමේදී කාර්ය පටිපාටියේ දෝෂයක් සිදුවී නොමැති බවත්, විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර ඇති අතර, පසුව මෙම නඩුව අගෝස්තු මස 05 වනදා විභාගයට ගැනීමට ද විනිසුරවරයා නියම කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...