සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

Date:

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල් බස් රථ සේවාව සඳහා රජයෙන් ලබා දෙන ගාස්තු ඉහළ නැංවීමට අවධානය යොමු වී ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

ඊට සමගාමීව, ගැමි සැරිය සහ නිසි සැරිය යන සේවාවන් සඳහා රජයෙන් ලබා දෙන ගාස්තු ද ඉහළ නංවන බවයි ඒ මහතා පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන හා මහා මාර්ග විෂයන් තුළ නොවිසදුණු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (03) පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව කීවේය.

ඒ අනුව සිසු සැරිය බස් රථ සඳහා දැනට කිලෝමීටරයක් සඳහා ගෙවන රුපියල් 105ක ගාස්තුව රුපියල් 118ක් දක්වා ඉහළ නංවීමට කැබිනට් පත්‍රිකාවක් යොදා ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. එමෙන්ම සිසු සැරිය බස් රථ 600ක් දිවයින පුරා ධාවනය කරවිමට අවස්ථාව තිබෙන නමුත් දැනට ධාවනයේ යෙදෙන්නේ බස් රථ 100ක පමණ ප්‍රමාණයක් යැයි ද ඔහු කීවේය.

ග්‍රාමීය ප්‍රදේශ දක්වා උදෑසන පළමු ගමන් වාරය සහ රාත්‍රී අවසන් ගමන් වාරය වෙනුවෙන් ධාවනය වන නිසි සැරිය ප්‍රවාහන සේවාව සඳහා කිලෝමීටරයකට ලබා දෙන රුපියල් 35ක ගාස්තුව රුපියල් 79ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බවත් උප නගරයක සිට ග්‍රාමීය ප්‍රදේශය දක්වා ධාවනය වන ගැමි සැරිය සඳහා ලබා දෙන රුපියල් 70ක ගාස්තුව රුපියල් 79ක් දක්වා ඉහළ නංවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

උසස් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබා දීම සඳහා මෙම සේවාවන් ත්‍රිත්වය තව දුරටත් පුළුල් කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තව දුරටත් පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍ය හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු මහජන නියෝජිතයන් රැසක් සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...