සතියට ලක්ෂ 40ක්. කොහොම ගැහිල්ලක් ගහන්න ඇත්ද?

Date:

කොළඹ LNW:අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඊයේ (04) දින ඇප මත නිදහස් වූ අතර ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ද යම් අදහස් දැක්වීමක් කර තිබුණා.

ඒ, ඊයේ දින කොළඹදී පැවති අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීම අමතමින්.

රාජ්‍ය ආයතන යාන්ත්‍රණය තුළ අල්ලස පවතින තැන් සම්බන්ධයෙන් අදහසක් ලබාදෙමින් රංග දිසානායක මහතා පැවසුවේ රු. ලක්ෂ 40කට අසන්න මුදලක් උක්ත නිලධාරියාගේ කාර්යාලයේ තිබී සොයා ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන්ට හැකි වූ අතර එම මුදල සතියක් තුළ ඔවුන් අයථා ලෙස අයකරගෙන තිබුණු මුදල් බවයි.

සේවා සපයා ගැනීමට එන අයගෙන් එලෙස ලබා ගන්නා මුදල් සංචිතයක් (පූල් එකක්) පවත්වාගෙන යන බවත් අවසානයේ ඒවා නිලධාරීන් අතර බෙදා ගැනෙන බවත් දිසානායක මහතා කියා සිටියා.

කෙසේවෙතත් උක්ත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් සහ අනුජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් සිය සේවාදායකයින්ට ඇප ඉල්ලීම කර තිබුණ අතර කරුණු සලකිල්ලට ගනිමින් අධිකරණය ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබුණා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...