බන්ධනාගාරය ප්‍රතික්ෂේප කල එස් එම් චන්ද්‍රසේනගේ ඉල්ලීම!

Date:

රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ පාර්ශවයෙන් කළ ඉල්ලීමක් බන්ධනාගාරය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ. බන්ධනාගාර ආරංචි පැවසුවේ, හිටපු අමාත්‍යවරයාට පිටතින් ආහාර ලබාදීමට එලෙස ඉල්ලා ඇති බවයි.

එම ඉල්ලීම බන්ධනාගාරයෙන් සිදු කර ඇත්තේ එස් එම් චන්ද්‍රසේන මහතාගේ හිටපු ලේකම්වරයෙකු බවටයි වාර්තා වුණේ. යම් රැඳවියෙකුට පිටතින් ආහාර ලබා ගැනීමට අවශ්‍ය නම් එම ඉල්ලීම සිදු කළ යුත්තේ අදාළ රැඳවියාගේ පවුලේ සමීපතමයෙකු වන බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචි පැවසුවේ, හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා ඉල්ලීම සිදු කළ අදාළ හිටපු ලේකම්වරයා පවුලේ සමීපතමයෙකු නොවන බවයි. ඒ අනුව ඔහු කළ එම ඉල්ලීම බන්ධනාගාරය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන, බන්ධනාගාර ආරංචි පැවසුවේ, කෙසේවෙතත් පවුලේ සමීපතමයෙකු එම ඉල්ලීම සිදු කළහොත් ඊට අවසර දෙන බවයි. එතෙක් හිටපු අමාත්‍යවරයාට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර තවදුරටත් ලබා ගැනීමට සිදුවන බවයි.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටිනවා.ඒ, විවිධ චෝදනා යටතේ රිමාන්ඩ් කර සිටින රජයේ නිලධාරීන් පිරිසක්ද සමගින්. පසුගිය 4 වනදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, 2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළ බවට වූ චෝදනාවකට අදාළවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...

මධ්‍යම තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවද්දී වැඩ වර්ජකයෝ සත්‍යග්‍රහයකුත් අරඹති!

කොළඹ LNW: නිරතව සිටින තැපැල් සේවකයින් කොළඹ මධ්‍යම තැපැල්...

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගෙන තිබේ. ඒ...