Elon Musk ගේ නව ගමන!

Date:

රෂිකා හෙන්නායක ජූලි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

‘අමෙරිකා පක්ෂය’ නමින් බිලියනපති, ව්‍යවසායක එලොන් මස්ක් විසින් නව පක්ෂයක් ආරම්භ කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන එලොන් මස්ක් , රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ද්වි-පක්ෂ ක්‍රමයට අභියෝගයක් ලෙස පවසමින්, තමන් අමෙරිකා පක්ෂය පිහිටුවා ගත් බව එලොන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි සටහනක් තබමින් පවසා ඇත.

“අද, අමෙරිකානු පක්ෂය පිහිටුවා ඇත්තේ ඔබට ඔබේ නිදහස නැවත ලබා දීමටයි” ලෙසින් ඔහු එම සටහන තබා තිබෙන බව වාර්තා වේ. ඉකුත් 4 වනදා එලොන් මස්ක් විසින් ද්වි-පක්ෂ ක්‍රමයෙන් නිදහස ලබා ගැනීමට අමෙරිකා පක්ෂය නිර්මාණය කිරීම පිළිබඳ මත විමසුමක් සිදු කරනු ලැබූ අතර, එම මත විමසුමට අදාළව මිලියනයකට අධික පරිශීලකයින්ගෙන් 65. 4% ක් නව පක්ෂයක් පිහිටුවීමට පක්ෂව ඡන්දය දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

එහි ප්‍රතිඵලය පිළිබඳ ඔහු සදහන් කළේ මෙසේ සඳහන් කළේය.

“ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇති. නාස්තිය සහ දූෂණයෙන් රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගත් කළ, අපි ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක නොව ඒක පක්ෂ ක්‍රමයක. අද, අමෙරිකානු පක්ෂය පිහිටුවා ඇත්තේ ඔබේ නිදහස ඔබට නැවත ලබා දීම සඳහා” බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමඟ විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න පැහැදිලි නොමැති අතර අමෙරිකාවෙන් පිටත උපත ලැබූ නිසා එහි ජනාධිපති ධුරයට තරඟ කිරීමට නුසුදුසු මස්ක්, එයට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති බවයි.

වියදම් සහ බදු සහන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මින් පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලකින් සති කිහිපයකට පසු, X හි සටහනක් තබමින් ඔහු සදහන් කර සිටියේ මෙම වියදම් පනත සම්මත වුවහොත් අමෙරිකානු පක්ෂය පිහිටුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?