බන්ධනාගාර දෙපාර්තමේන්තුව ළඟදීම තවත් තීරණයක් ගැනීමට සැරසෙයි!

0
1209

රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :

ඉදිරි දින වල තවත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචි පැවසුවේ, ඒ අනුව ප්‍රධාන බන්ධනාගාර කිහිපයකම, ප්‍රධාන ජේලර්වරුන් ස්ථාන මාරු කිරීමට නියමිත බවයි.

ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව වාර්තා වන අතර, මේ අතර බන්ධනාගාර අධිකාරීවරුන් 16 දෙනෙකු පසුගිය දෙවනදා ස්ථාන මාරු කෙරුණි.