මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිටපු වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්ට ?

Date:

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතා පත්කර තිබේ.

ජාතික ජන බලවේගයේ මහලේකම්වරයා විසින් නිශාන්ත ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇති අතර ඔවුන් විසින් ඊයේ (07) රාත්‍රියේදී එම පත්කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් සේවය කළ නිශාන්ත ජයවීර මහතා වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු 2024 ඔක්තෝබර් මාසයේදී වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් පත්කෙරුණු අතර 2024 දෙසැම්බර් මාසය දක්වා ඔහු එම තනතුරේ කටයුතු කළේය. ඉන්පසුව ඔහු ජනාධිපති අතිරේක ලේකම් තනතුරකට පත්කෙරිණි.

කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන නිශාන්ත ජයවීර මහතා අමාත්‍ය විජිත හේරත් මහතාගේ සමකාලීනයකු ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අයකු බවත් ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශ්වාසවන්ත හිතවතෙකු බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව, දැනට පුරප්පාඩු වී ඇති මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද බොහෝදුරට නිශාන්ත ජයවීර මහතාටම හිමිවනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...

යුදෙව් විරෝධී චෝදනා සම්බන්ධයෙන් ප්‍රංශය, ඇමරිකානු තානාපතිවරයා කැඳවයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: යුදෙව් විරෝධයට...

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...