කෙන්යා රජයට විරුද්ධ වූ විරෝධතාකරුවන් එකොලොස් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරුට

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කෙන්යාවේ රාජ්‍ය විරෝධී විරෝධතා පෙළපාලියකට පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් එකොලොස් දෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

කෙන්යාවේ ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමක 35 වන සංවත්සරය වෙනුවෙන් රට පුරා පැවති රාජ්‍ය විරෝධී විරෝධතා අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර විරෝධකරුවන් හා පොලීසිය අතර ගැටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 52 දෙනෙකු තුවාල ලබා තිබේ.

නයිරෝබි අගනුවර විරෝධතාකරුවන්ට පොලිසිය සජීවී උණ්ඩ සහ ජල කාලතුවක්කු ප්‍රහාර එල්ල කර තිබුණු අතර දෙපාර්ශවය අතර ගැටුම් හේතුවෙන් කඩ සාප්පු විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත.

1990 දී එවකට ජනාධිපති ඩැනියෙල් අරප් මෝයි විසින් වසර ගණනාවක ඒකාධිපති පාලනයකින් පසු බහුපාර්ශ්වික ප්‍රජාතන්ත්‍රවාදයට නැවත පැමිණෙන ලෙස කෙන්යානුවන් ඉල්ලා සිටි දිනය සනිටුහන් කිරීම සඳහා සෑම වසරකම ජූලි 7 වන දින ජනතාව මෙලෙස සිය ජයග්‍රහණ සමරයි.

මෙහිදී මෙම සැමරුම් වෙනුවෙන් පැමිණි විරෝධතාකරුවන් දූෂණය, පොලිස් කෲරත්වය සහ රජයේ විවේචකයින්ගේ පැහැදිලි කළ නොහැකි අතුරුදහන්වීම්, සියයට 80 ක් පමණ අවිධිමත් මෙන්ම අඩු වැටුප් සහිත රැකියාවලට කොටු වී සිටීම, අසම්බන්ධයෙන් හේතුවෙන් ජනාධිපති විලියම් රූටෝ ඉල්ලා අස්වන ලෙස පුළුල් ඉල්ලීමක් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...