වසර සියයකට වඩා පැරණි පුරා විද්‍යා නීති යාවත්කාලීන කිරීමට අවධානය!

කොළඹ LNW:වසර සියයකට වඩා පැරණි පුරාවිද්‍යාත්මක අණපනත් යාවත්කාලීන විය යුතු යැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.

එම නීති රිතී වත්මන් කාලයට අනූනව ශක්තිමත් කිරීම සඳහා සිය සහයෝගය ලබා දෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත කොට වසර 135ක් සම්පූර්ණ විම නිමිත්තෙන් ” පුරා විද්‍යාව සහ තිරසාර සංවර්ධනය ” යන තේමාව යටතේ පේරාදෙණීය විශ්වවිද්‍යාලයේදී ඊයේ (07) පැවැති ජාතික පුරා විද්‍යා සැමරුමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ කලාගාරයේදී පැවැති මෙම සැමරුම් උත්සවයේදී ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක් එළි දැක්වූ අතර පුරාවිද්‍යාත්මක කරුණ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා 25ක් ඉදිරිපත් කිරීම ද සිදුවිය.

පුරා විද්‍යාත්මක ක්ෂේත්‍රය අභීයෝග රැසකට මුහුණ දී ඇති බව පෙන්වා දුන් ඒ මහතා ඇතැම් නීති රීති රෙගුලාසි හේතුවෙන් ඉතිහාසය රැක ගැනීමේ ගැටලු මතුවන බව ද කීවේය. පුරාවිද්‍යා ක්ෂේත්‍රය රැක ගැනීම සඳහා නීති රීති තවදුරටත් කාලීන විය යුතු බවත් වසර සියයක් පමණ පැරණි නීති ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

තනි තනි පාර්ශව එක්ව ලබන ජයග්‍රහණයකට වඩා සාමුහිකව ලබා ගන්නා ජයග්‍රහණය වඩාත් සාර්ථක වන බව ද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා එහිදී පැවසුවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම, ශාස්ත්‍ර පීඨයේ සම්මානිත මහාචාර්ය ජගත් වීරසිංහ, වෛද්‍ය පීඨ පීඨාධිපති මහාචාර්ය සමන් නානායක්කාර, පුරාවිද්‍යා අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරු යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...