කෝපි වගාව වසර 200යි – සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් එළිදකියි!

Date:

කොළඹ LNW:කෝපි වගාව මෙරට ස්ථාපිත වී වසර 200ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ජාතික කෝපි සමුළුවක් මහනුවර දී ඊයේ (08) පැවැත්වුණා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කෝපී සංගමය සහ ඕස්ටේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

මෙරට හෙක්ටයාර් 5000ක භූමි වපසරියක් තුළ කෝපි වගා කරන අතර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3300ක අස්වැන්නක් ඉන් හිමිවන බව අපනයන කෘෂීකර්ම අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය පැවසුවාය. මෙට්‍රික් ටොන් 400ක පමණ අස්වැන්නක් අපනයනය කොට රුපියල් මිලියන 1508ක විදේශ විනිමය උපයන බව ද ඇය එහිදී සඳහන් කළාය.

කෝපි වගාව සම්බන්ධයෙන් පාසල් දූ දරුවන් අතර පැවැති සිතුවම් දැක්මේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම ද එහිදි සිදුවිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, ඕස්ටේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර්, ලංකා කෝපි සංගමයේ සභාපති තුෂාන් සමරරත්න මහතා ඇතුලු පිරිසක් මෙම සමුළුව සඳහා එක්විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...