අද චාමික,චන්දිමාල් සහ දසුන් ක්‍රීඩා කරන්නේ කොතැනද? චරිත් ඉඟි කරයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 10, කොළඹ LNW:

අද මහනුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදි ඇරඹෙන විස්සයි විස්ස ශ්‍රී ලංකා බංගලාදේශ තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දිනේෂ් චන්දිමාල්,දසුන් ශානක සහ චාමික කරුණාරත්න ක්‍රීඩා කරන්නේනම් ඒ කුමන ස්ථානවලද යන්න ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් මාධ්‍ය හමුවේ පැහැදිළි කරනු ලැබුවා.
වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සහ ජෙෆ්රි වැන්ඩර්සේ සහ මහේෂ් තීක්ෂණත්,දසුන් ශානක සහ චාමික කරුණාරත්න සමඟ තමාත් පන්දු යැවීම සඳහා දායක විය හැකි මට්ටමේ සිටින බව චරිත් මෙහිදී පැහැදිළි කළා.චන්දිමාල් අංක 1,2 හෝ 3 යන ස්ථානයට ඇතුළත් කිරීමේ අදහසින් කණ්ඩායමට ආදේශ කර ඇති බව පැවසුවා.


චාමික කරුණාරත්නට අංක 7 ස්ථානය වෙන් කරන බව පෙන්වා දුන් චරිත්,දසුන් ශානකට අංක 6 ස්ථානය වෙන් වුව ද,තරගයේ ස්වභාවය අනුව ඔහු පෙරට ඒමට ද ඉඩ තිබෙන බව පැවසුවා.ඊට හේතු ලෙස නායකයා පැහැදිළි කළේ ඔහු කණ්ඩායමේ සිටින වේගයෙන්ම ලකුණු රැස් කළ හැකි කීඩකයා වීම ඊට හේතුව වූ බවයි.
අවිශ්ක ගුණවර්ධන ලබා දුන් අවස්ථාවලදී අසාර්ථකවී තිබියදී කණ්ඩායමට තෝරාගෙන තිබීම සම්බන්ධයෙන් යම් වක්‍ර ව්රෝධයක් එල්ල වුණත්,එයට පැමිණි ප්‍රශ්ණයේ දිශාව වෙනස් කරමින් වෙනත් පැත්තකට පිළිතුර හරවා යැවූ චරිත් අසලංක පැවසුවේ, ඔහු පසුගිය කාලයේ විස්සයි විස්ස තරගවලදී අංක 4 පිතිකරුවා ලෙස පෙන් වූ දස්කම් සළකා එම ස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීම ගැන සැළකිල්ල යොමු කර කණ්ඩායමට ඇතුළත් කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...