එක් රැයක් තුළ එල්ල වූ දැවැන්තම ප්‍රහාරය රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් වෙත!

Date:

රෂිකා හෙන්නායක ජූලි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): :

රුසියාව විසින් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ මෙය එක් රැයක් තුළ එල්ල වූ දැවැන්තම ප්‍රහාරයක් බවයි.

ඔහු පවසා තිබෙන්නේ, මිසයිල 18ක් එල්ල වූ බවත් ප්‍රහාරයට ඩ්‍රෝන යානා 400ක් පමණ සම්බන්ධ වූ බවත් ප්‍රධාන වශයෙන් අගනුවර ඉලක්ක කර ගත් බවයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය පිළිබඳ රුසියානු හමුදාව අදහස් පල කර නැති බව පැවසේ. ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ද රුසියාව විසින් ඩ්‍රෝන යානා 728 ක් සහ කෲස් හෝ බැලස්ටික් මිසයිල 13ක් සමග යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වූ බ්ව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියානු ප්‍රහාර හමුවේ වසර තුනක් තුළ වැඩිම පුද්ගල මරණ සිදු වූ මාසය ලෙස සැලකෙන්නේ ඉකුත් ජූනි මාසයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පුද්ගලයින් 232 දෙනෙකු එහිදී මිය ගොස් තවත් 1,343 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...