රම්පට් අයියගෙ රෙදි කඩේ ….

Date:

අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට ඔය රෙදි කඩ කාරයෝ මරු ගේමක් ගහනවා.

අවුරුද්දට සති දෙකක් විතර තියලා, උංගේ රෙදිවල ගාන සීයෙට හතලිස් හතරකිං විතර උස්සලා තියලා, අලුතෙං බිල් අලවනවා.

රු. 1,000/- ට වෙනදා වික්ක රෙද්දේ රු. 1,440/- ක් ගහනවා.

අපේ උන්දැලා ගිහිං ඔතන ඥාව් ගානවනේ ගාන ටිකක් හරි අඩු කර ගන්ඩ.

මුදලාලියාට හතර මහා කරුනාව පහල වෙනවා එතෝට.

” හරි හරි..නෝනලා හැමදාම අපෙංනේ රෙදි ගන්නේ..ඔන්න ඔය රෙද්දට එද්දාස් තුන්සීයක් දීලා යන්ඩකෝ ” කියලා අර රෙද්ද කෝම හරි ඇඟේ ගහනවා..

වැඩියෙං ඥාව් ගාන එකාට තවත් ටිකක් අඩු කරනවා.

ඒම කරල එක රෙද්දකිං වෙනදට වඩා රු. 200/- ක් 300/- ක් හම්බ කරනවා.

අපේ උන්දැලා ඉතිං සිනාසිසී ගෙදර එනවා.

” බලන්නකෝ අනේ අර රම්පට්ගේ කඩේ එද්දාස් හාරසීයේ රෙද්ද එද්දාස් දෙසීයට දුන්නනේ ..ඉහටත් උදිං ලාභයි…”

ඊට පස්සේ අපිට තමා කනක් ඇහිලා ඉන්ඩ නැත්තේ ….

~ වසන්ත සිරි වටගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...