සුජාන් දශක තුනකට වැඩි අතීතයක් අලුත් කිරීමට පෙරමුණ ගැනීම

Date:

නිශ්මං රණසිංහ ජූලි 11, කොළඹ LNW:

බංගලාදේශ ප්‍රිමියර් පාපන්දු ගීගය වෙනුවෙන් විදේශ ක්‍රීඩකයන් කැඳවීමට ඇති අවස්ථාව අනුව ෆෝටිස් එෆ්සී කණ්ඩායම සමඟ එක්වන්නට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක සුජාක් පෙරේරා එකඟතාවය පළ කර තිබෙනවා.මෙවර බංගලාදේශ ප්‍රිමියර් පාපන්දු ලීගයට ක්‍රීඩා කිරීමට එරට ක්‍රීඩා සමාජයක් සමඟ ගිවිසුමකට එළැඹි පළමු ක්‍රීඩකයා වන්නේ ද සුජාන් පෙරේරා යි.


විදේශගතව සිටින ශ්‍රී ලංකා සම්භවයක් ඇති ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීම මේ දිනවල අපට හුරු පුරුදු කාරණයක් වුව ද,විශාල කාලයකට පසුව ශ්‍රී ලංකාවේම ක්‍රීඩා කරන ලාංකේය ක්‍රීඩකයෙක් මේ ආකාරයට විදේශ කණ්ඩායමකට එක්වීම සතුටුදායක තත්ත්වයක් නිර්මාණය කරනවා. දශක තුනකට එපිට දකුණු ආසියාතික රටවල ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරමින් යම් වෘත්තීය පදනමකින් පාපන්දු ක්‍රීඩාවේ නියැළි ලාංකේය පාපන්දු ක්‍රීඩකයින් ද සිටියේය.ඒ අතර උපුල් ප්‍රේමලාල්,අශෝක රවීන්ද්‍ර,අශෝක නැව්ගලගේ,මහින්ද පාලිත යන ක්‍රීඩකයෝ එම රටවල ද ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියහ.මේ වන විට එම නම් ශ්‍රී ලංකා පාපන්දුව සමඟ අඩුවෙන් සිහිපත් වුව ද,අශෝක නැව්ගලගේ වසර කිහිපයකට පෙර පාපන්දු තේරීම් කමිටුවේ සභාපතිවරයා සිටි බව මතකය.


සුජාන් මේ නැවත පන දෙන්නේ මැකුණු ඉතිහාසයකටය.එම තත්ත්වය ඇති කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දක්ෂතාවයන් සාමූහිකව ගත් විට වැදගත් වන අතර මේ මොහොතේ ඒ ආකාරයෙන් දක්ෂ පාපන්දු කණ්ඩායමක් නිර්මාණය කිරීමට අවශ්‍යය පරිසරයකට ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය එකඟ වී ඇති විවාද සම්පන්න ඇතැම් තීරණ ද සුජාන්ගේ මේ තෝරා ගැනීමට හේතුවක් බව පිළිගත යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...