චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා ගැන චීනයෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:චීනය සහ ඇමරිකාව ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රවල ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යන බව චීනය පවසනවා. එළඹෙන අගෝස්තු ආරම්භයේ චීන-ඇමරිකා සාකච්ඡා යළි පවත්වන්නේද යන්න පිළිබඳව මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා He Yongqian මහත්මිය මේ බව සඳහන් කළා.

මෙම වසරේ මැයි මාසයේ සිට, චීන හා ඇමරිකා රාජ්‍ය නායකයින් එළඹ ඇති එකඟතාවන්හි මඟ පෙන්වීම යටතේ, දෙපාර්ශ්වයේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම් ජිනීවා සහ ලන්ඩනයේදී ඉහළ මට්ටමේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා පවත්වනු ලැබුවා. ඒ ඔස්සේ සම්මුතියකට එළඹි බව ඇය සඳහන් කරා. දෙපාර්ශ්වය අදාළ පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෙරට ආර්ථික හා වෙළඳ සබඳතා ස්ථාවර වී‍ ඇති බවයි ඇය පැවසුවේ.‍

චීන-ඇමරිකානු නායකයන්ගේ වැදගත් එකඟතා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාවයේ ස්ථාවර, විධිමත් හා අඛණ්ඩ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාව වන බව ද ඇය සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...