අපි පරදියි. හැබැයි ලංකාව දිනයි…

Date:

ලංකාවේ මිනිස්සුන්ට ඇත්ත කියන දේශපාලන ව්‍යාපාරයක් ඕනි. ජේආර් පවා ලංකා සමාජය වෙනස්කරන විදියේ ප්‍රතිසංස්කරණ ගෙනාවා වුනත් ව්‍යවස්ථාවට ‘සමාජවාදී’ කැල්ලක් පවා එල්ලුවා. ඒ වගේම සමාජ සුබසාධන වැඩ විශාල ප්‍රමාණයක් ඒ ආණ්ඩුව කළා. විශාල මුදලක් ඒ සඳහා වෙන්කළා. ඒ වගේම හැම ආණ්ඩුවක්ම මේ සුබසාධන වැඩේ අරන් ගියා. නිදහසට ඉස්සරලත් ඊට පස්සෙත්.

හොරකම කොච්චර නැති උනත් මිනිස්සු ධනය උත්පාදනය කරන්න පෙළඹෙන්නේ නැත්නම් රටක් උඩට එන්නේ නැහැ.

මේ සුබසාධනය රටේ ආර්ථිකයෙන් කොච්චර විශාල පංගුවක් උනාද කියනවා නම් ඒක කරගහගෙන යන එක ලේසි දෙයක් උනේ නැහැ කිසිම ආණ්ඩුවකට. අමාරු උනත් ඒවා එහෙමම තියාගෙන ගියා. මොකද සර්වජන චන්දබලය ඇතුලේ බලය වෙනුවෙන් මිනිස්සුගේ ‘කුසීතකම’ වෙනස් කරන්න එයාල ලොකු ට්‍රයි එකක් දුන්නේ නැහැ.

නමුත් අන්තිමට හොම්බ බිම ඇනිලා බංකොලොත් උනාම තමයි ලංකාවේ දේශපාලනයේ හිටපු අයට මිනිස්සුන්ට ඇත්ත කියන්න උනේ. ඉතින් රනිල්ට සිද්ද උනා ලංකාවට ඇත්ත කියන්න.

මුල්ම වරට දැනෙන විදියට බදු ගහන්න, විදුලි බිල වැඩිකරන්න, සුබසාධනය ගැන නැවත හිතන්න. එහෙම උනත් රනිල් පවා අස්වැසුම වගේ දේවල් දුන්න. ඒ වෙලාවේ ඒක කමක් නැහැ. හැබැයි මිනිස්සුන්ට කියන්න ඕනි එයාලගේ පැත්තේ වගවීම ගැන. වැඩකිරීම ගැන. ධනය ගැන. උත්පාදනය ගැන. මහන්සිවීම ගැන. ඒ සඳහා වන රැඩිකල් සමාජ දේශපාලනික වෙනස්කම් රටේ සිද්දවෙන්න ඕනි.

දිනන දකුණ හෝ වෙන ඕනෑම නමකින් උනත් අපි කියන්නේ ලංකාවේ පුද්ගල වගවීමේ වැදගත්කම ගැන. ලංකාවේ ආර්ථිකයේ ඇත්ත ගැන. ඇත්ත සංඛ්‍යාලේඛන ගැන.

අපි ලංකාවේ මිනිස්සුන්ට බොරු කියන්නේ නැහැ. බොරු කියල අපිට එයාලගේ චන්දෙ ඕනිත් නැහැ. බොරු කියල චන්දෙ අරන් තව බොරු දාහක් කියල ඒක වහන්න ඕනිත් නැහැ. විපක්ෂයේ ඉන්නකොට එකක් බලය ගත්තම තව එකක් ඕනිත් නැහැ.

ගොඩක් අයට අපි පරදිනවා – අපිට ගොඩයන්න බැහැ කියල හිතෙන්නේ මේ යථාව නිසා. අපි ලාංකික මිනිස් ආත්මයේ ඇත්ත එක්ක සම්මුඛ වෙන නිසා. කමක් නැහැ. සොක්‍රටීස් මැරුණේ ඇත්තම ඇත්ත කතාකරලා. ජයග්‍රාහකයෙක් හැටියටම නෙවෙයි. ඒක අපේ උරුමය වෙයි.

අපි පරදියි. හැබැයි ලංකාව දිනයි.

මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු...

ටේලර් ස්විෆ්ට් ට මල් ආකරයක වැදුණු මංගල සීනු!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): "Your English teacher and...

ආඬිඅම්බලම ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් ගන්න ගිහින් කොටුවෙයි!

කොළඹ LNW: ආඬිඅම්බලම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය...