ඇමති ගම්මන්පිල යටතේ දෙවැනි වරටත් සපුකන්ද තෙල් පිරිපහදුව නවතී !

Date:

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (03) දිනයේ සිට නැවත වරක් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ, එම පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් මිලදීගෙන නොමැති වීම හේතුවෙනි.

මීට පෙර පසුගිය නොවැම්බර් 15 වනදා ද මේ හේතුව මතම තෙල් පිරිපහදුව වසා දැමුණු අතර එය යළි වැඩ ආරම්භ කෙරුණේ දින 22කට පසුව ය. දෙසැම්බර් 07 වනදා එසේ යළි වැඩ ආරම්භ කෙරුණු තෙල් පිරිපහදුව දින 27කට පසුව දැන් යළිත් වසා දැමීමට නියමිතය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කෙරුණු දිනයේ පටන් වසර 51ක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වුණු අතර බොරතෙල් නොමැති වීම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට එය වසා දැමීමට සිදුවුණේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යටතේ ය.

කෙසේවෙතත් අමාත්‍යවරයා පවසන්නේ මේ මස අවසානයේ බොරතෙල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවත් ඉන්පසු නැවත වරක් තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කරන බවත්ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...