ජනාධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් හා මෙක්සිකෝව වෙනුවෙන් 30%ක නව තීරුබදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් හා මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30%ක නව තීරුබදු පනවන බවට නිවේදනය කර තිබේ.

මෙම නව තීරුබදු අගෝස්තු 1 වනදා සිට ක්‍රියාත්මක වනු ඇත.

යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට යැවූ ලිපිවල ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, එක් වෙළඳ හවුල්කරුවෙකුවත් එක්සත් ජනපදයට එරෙහිව තමන්ගේම ආනයන බදු වලින් පළිගන්නේ නම්, 30% ට වඩා සමාන ප්‍රතිශතයකින් තීරුබදු වැඩි කිරීමට තමා සුදානම් බවයි.

කෙසේ නමුත්, මෙහිදී 27 දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගමය ප්‍රකාශකර තිබුණේ, අගෝස්තු 1 වනදාට පෙර වොෂින්ටනය සමඟ ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බවයි.

මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ ට්‍රම්ප්ගේ නිවේදනයට තමන් ඉතා දැඩි අප්‍රසාදයක් දක්වන බවයි. එමෙන්ම ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, අත්ලාන්තික් සාගරයේ දෙපාර්ශ්වය අතර වෙළඳ යුද්ධයක් ඇති කිරීම තේරුමක් නොමැති දෙයක් බවත්, සාධාරණ ගිවිසුමකට එළඹීමට සුදුසු බවත්ය.

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ගිවිසුමකට එළඹිය හැකි බවට විශ්වාසය පළකර ඇති අතර මෙක්සිකෝ නායකයාට ලියූ ලිපියේ ට්‍රම්ප් කියා තිබුණේ, උතුරු ඇමරිකාව මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රීඩා පිටියක් බවට පත්වීම වැළැක්වීමට එම රට ප්‍රමාණවත් ලෙස කටයුතු කර නොමැති බවත්, මෙක්සිකෝව මට දේශසීමාව සුරක්ෂිත කිරීමට උදව් කර ඇතිමුත්, මෙක්සිකෝව කර ඇති දේ ප්‍රමාණවත් නොවන බවයි.

ඊයේ(12)දිනය වන විට ට්‍රම්ප් යුරෝපා සංගමය ඇතුළු රටවල් 24ක් වෙනුවෙන් තීරුබදු පැනවීම් යෝජනා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැති බැම්මේ ඉරිතැලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : වැසි සහ ආපදා...

දැනට පවතින ආපදා තත්ත්වය පිළිබදව පොලිසියෙන් ජනතාවට අවවාදයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : පොලිස්...

කටුබැද්ද ප්‍රදේශයේ ගස් කඩා වැටි ගාලු පාරේ වාහන තදබදයක්…

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : මේ වන විට,...

දුම්රිය ධාවනයත් නවතී !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද...