ආශිංසනට සහ පංචලී ට විවෘත සූරතා දෙක බැඟින් – නිලූකට සූරතා තුනක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 14, කොළඹ LNW:

බස්නාහිර පළාත් බැඩිමින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද බස්නාහිර පළාත් බැඩිමින්වේ තරගාවලියේ විවෘත පිරිමි සූරතාවය සහ විවෘත කාන්තා සූරතාවය පිළිවෙලින් ආශිංසන හේරත් සහ පංචලී අධිකාරි විසින් දිනා ගනු ලැබුවා.මීට අමතරව ආශිංසන පිරිමි යුගල සූරතාවය ද දිනා ගනිමින් ද්විත්ව සූරතා සඳහා හිමිකම් කියූ අතර ඔහු යුගල සූරතාව දිනා ගනු ලැබුවේ ලෝචන ඔෂාන් ද සිල්වා සමඟ එක්වයි.


පංචලී ද සූරතා දෙකකට හිමිකමි කීවා.ඒ කේවල් කාන්තා සූරතාවයට අමතරව විවෘත මිශ්‍ර යුගල සූරතාව තුලිත් තෙව්මික පල්ලයගුරු සමඟ එක්ව දිනා ගැනීමෙන්.දිල්නි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ වීවෘත කාන්තා යුගල සූරියන් බවට පත් වුණා.කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස බෙදී වයස් කාණ්ඩ අතරේ පැවති තරගාවලියේ දක්ෂතා අතර කැපී පෙණුන තවත් කාරණයක් වූයේ නිලූක කරුණාරත්න ත්‍රිත්ව සූරතා දිනා ගැනීමයි.අසම සම වාර්තා ගණනකට හිමිකම් කියන නිලූක,ශ්‍රී ලංකාව මේ දක්වා බිහිකළ විශිෂ්ඨතම ක්‍රීඩකයා හැටියට හැඳින්වෙනවා.නිලූක අවුරුදු 35 න් ඉහළ කේවල සූරතාවය පහසුවෙන් දිනා ගත්තා.එසේම ඔහු චරිත් විජේනායක සමඟ එක්ව අවුරුදු 35 න් ඉහළ පිරිමි යුගල සූරතාවද දිනා ගන්නට සමත් වුණා.


එහෙත් අවුරුදු 110 එකතුව තරගයේදී පිරිමි යුගල තරගයට රොහාන් ද සිල්වා සමඟ පිවිසි නිලූක හිටපු ජාතික සූරයෙකු වූ දුමින්ද ජයතොඩි සහ ජාතික මට්ටමේ හිටපු පුහුණුකරුවෙකු වන කමල් ගම්ලත් ඉදිරියේ විශාල අභියෝගයකට මුහුණ දුන්නා.නිලූක ගේ සහ රොහාන් අතර වයස පරතරයට වට ආසන්න සහ සමාන පරතරයකින් 110 සීමාවට පිවිස සිටින දුමින්ද සහ ගම්ලත් එම සූරතාව නිලූකගෙන් සහ රොහාන්ගෙන් උඳුරා ගැනීමට තැත් කළත්,කවමත් තාරණ්‍යෙය් ජවය විඳහා පෙන්වන නිලූකගේ හැකියාව සහ රොහාන් සතු අපූර්ව දරා ගැනීම පදනම් කරගෙන දෙවන වටයේදී ගිලිහෙමින් තිබුණ තරගය 23 – 21 ක් ලෙස ජය ගනිමින් නිලූක එම සූරතාවේද කොටස්කරුවෙක් වුණේ වට 2-0 ක් ලෙස ජයග්‍රහණය සනාත කරමින්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...