තරුණයකුගේ ඝාතනයක් ගැන සුල මුල එළියට ආ හැටි!

රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ LNW :

පසුගියදා, කහවත්ත ඇන්දාන කොස්කෑල්ල ප්‍රදේශයේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තරුණයා ඝාතනය කිරිමට යොදා ගත් ජිප් රථයක්,මෝටර් රථයක් සහ යතුරුපැදි 03 ක්ද සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසිය සදහන් කලේ තරුණයා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි ජිප් රථයේ වර්ණ වෙනස් කර ඇති බවයි.

සැකකරුවන් විසින් එම මෝටර් රථයට සහ අනෙක් යතුරුපැදිවලට ව්‍යාජ අංක තහඩු භාවිත කර ඇති අතර, එම වාහන සොයා ගෙන ඇත්තේ හෝමාගම නිවසක නතර කර තිබියදී ය. අත්අඩංගුවට ගත්  එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 197 ක් සහ අයිස් ග්‍රෑම් 100 ක් සොයා ගෙන ඇති බවද වාර්තා වේ. ඝාතනය ඩුබායි සිට මෙහෙයවා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඇන්දාන , කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි සන්නද්ධ පිරිසක් පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් එහි සිටි නිවුන් සොහොයුරන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිතුරෙකු මාංචු දමා පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 30 වැනිදායි.

ජීප් රථයකින් පැහැරගෙන ගිය මේ තුන්දෙනා කොස්කෑල්ල ප්‍රදේශයේ පාළු ස්ථානයකට ගෙන ගොස් වෙඩි තබා තිබුණු අතර, එහිදී 22 හැවිරිදි ඉරන්ත සුරන්ජන නැමැති තරුණයා  ඝාතනයවූ අතර ඔහුගේ මිතුරා ද  තුවාල ලැබූවේ ය. නිවුන් සොහොයුරන්ගෙන් වැඩිමහල් තරුණයා ජීවිතය බේරාගෙන තිබුණේ පැහැරගත් පිරිසෙන් මිදී පලායාමෙන් බවයි වාර්තා වුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...

ජනතාව කැමති වුණත් අකමැති වුණත් රටට අවශ්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහබැංකු අධිපති

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති...

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...