සඳ නිදුක් වෙත්වා ….

Date:

සඳ නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
මළ ලොවක් යැයි කියන
ගැරහුමෙන් මිදෙත්වා

සඳ මෙන්ම
අනෙක් ග්‍රහලෝකද
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
තෙතමනය ඇත්තෝ වෙත්වා

අභ්‍යවකාශයේ
අපරිමිත ගුඪ රහස්
හොයාගෙන වරෙන් යැයි අණ ලද
ලයිකා වගේ කෙල්ලන්
දමනය නොවෙත්වා

තාරුකා පොකුරු මැද
ගිනිගන්න පෙර ස්පුට්නික් දෙක
ලයිකාට දැනුනු තනිකම
කාට කාටත් දැනෙත්වා
ඇගේ අවසන් උඩුබිරුම
කාට කාටත් ඇහෙත්වා

සඳ නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
මළ ලොවක් යැයි කියන
ගැරහුමෙන් මිදෙත්වා …!

~ රුවන් බන්දුජීව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!