ඉරාක සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 60 දෙනෙකු මරුට

0
481

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ කුට් නගරයේ පස් මහල් සාප්පු සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් අවම වශයෙන් 60 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම ගින්න ඊයේ(16)රාත්‍රියේ ඇතිවී ඇති අතර මේ වනවිට තත්වය සම්පුර්ණයෙන්ම පාලනය කර 45 දෙනෙකු මුදවාගෙන තිබේ.

මෙම සාප්පු සංකීර්ණය මිට දින හතකට පෙර විවෘත කර ඇති අතර ගින්නට හේතුව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරේ,

ආණ්ඩුකාර මොහොමඩ් අල්-මියාහි දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරමින් මෙය විශාල ඛේදවාචකයක් බව සඳහන් කර තිබු අතර ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි ප්‍රකාශයක් නිකුත් කරමින් වින්දිතයින්ගේ පවුල්වලට ශෝකය පළ කර ඇත.