ලංකාවේ තැඹිලිවලට හිත ගිය සනී ලියොන්!

බොලිවුඩ් නිළියක වන සනී ලියොන් මෙරට තැඹිලි සඳහා දැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වේ.

සංචාරයක් සඳහා ඉකුත් දා මෙරටට පැමිණ සිටි සනී ලියෝන් කොළඹදී කළ ටික්ටොක් වීඩියෝවකින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා තමන් මහත් ඇල්මක් දක්වන බවයි.

“විනෝදජනක කරුණක් නම්, මම මෙහි පැමිණි පළමු අවස්ථාව මම තැඹිලි ගෙඩියක රස බැලූ පළමු අවස්ථාවයි” ඇය ගුවන් තොටුපළේ සිට කොළඹ නගරයට යන අතරතුර රූගත කරන ලද වීඩියෝව ඔස්සේ පවසයි.

“ඒවා කුරුම්බාවලට වඩා ගොඩක් හොඳයි.” යනුවෙන් ද එහි දැක්වේ.

“තවත් විනෝදජනක කරුණක් වන්නේ මම මගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය රූගත කළේ ශ්‍රී ලංකාවේදී” ඇය තවදුරටත් කියාසිටියාය.

කැනඩාවේ උපත ලද සනී ලියොන්ගේ මව්පියන් ඉන්දියානුවන් වේ.

අනතුරුව ඇය ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් අතර කලක් ප්‍රකට නිල් චිත්‍රපට නිළියක් ලෙස වෘත්තීමය වශයෙන් කටයුතු කර, මේ වනවිට බොලිවුඩයේ වෙනත් මාදිලිවල චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...