Astronomer ප්‍රධාන විධායක නිලධාරී Andy Byron ගේ රෙදි ලෙෆ්ට් වුණ මොහොත! (VIDEO)

සටහන – පුලී

ජූලි 17, කොළඹ (LNW): Astronomer ප්‍රධාන විධායක නිලධාරී Andy Byron බොස්ටන්හි පැවති කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයකදී එහි HR ප්‍රධානී Kristin Cabot සමඟ වැළඳගෙන සිටින අවස්ථාව කාගේත් අවධානයට ලක් වුණු කරුණකි.

මෙම යුවළ ක්‍රීඩාංගනයේ තිබූ Kiss කැමරාවක සටහන් වූ අතර, එය ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ ක්ෂණික අනුමානයන් ඇති කිරීමට සමත් වූ දර්ශනක් ද විය.

දරුවන් දෙදෙනෙකු සිටින විවාහක බයිරන් කැමරාව හැරීමත් සමඟම ඉන් පහළට වී සැඟව සිටීමට උත්සාහ දැරීමක් වීඩියෝ දර්ශනයේ කැපී පෙනෙන්නට විය. සමාජ මාධ්‍ය පුරා මේ වනවිට ඇවිළී යන මේ පුවත, ඔහුගේ බිරිඳ මේගන්ට කෙසේ බලපානු ඇතිදැයි මහජනයා කුතුහලයෙන් ප්‍රශ්න කරමින් සිටී.

කෝල්ඩ්ප්ලේ හි ක්‍රිස් මාටින්, අදහස් දැක්වීමකින් තොරව ඒ මොහොත ගෙවී යාමට ඉඩ දුන්නේ ද නැත. වේදිකාවේ සිට ඔහු, “අනේ, මේ දෙන්නා දිහා බලන්න” යැයි පැවසූ විට, පැමිණි සිටි අයවලුන් සිනාසෙමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

“එක්කෝ ඔවුන් සම්බන්ධයක් පවත්වනවා, නැතහොත් ඔවුන් ඉතා ලැජ්ජාශීලීයි.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය.

නමුත් ඊට මහජන ප්‍රතිචාරය ක්ෂණික විය. දුරකථන ඔවුන් වෙත දික් විය, වීඩියෝ පට සමාජ මාධ්‍යට එක් විය, පැය කිහිපයක් ඇතුළත විය යුත්ත සිදුව හමාරය.

තවකෙකුගේ පෞද්ගලික ජීවිතයෙන් අපට කම් නැත. මෙයත් මේ වනවිට ලෝකයම බලා සිටින දසුනක්ව දැන් හමාරය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...