අපි වැඩ කළේ නීත්‍යානුකූලවයි. වැඩකිරීම වරදක් විදියට දකින අයත් මේ රටේ ඉන්නවා – විපක්ෂ නායක සජිත්

Date:

තමන් නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී එම අමාත්‍යාංශයේ මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රශ්නය – නිවාස අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශනයක් සිදුවෙනවා. මොකක්ද ඔබතුමා මේ ගැන කියන්නෙ ?

“අමාත්‍යවරයෙකු හැටියට කටයුතු කළ කාලයේ සිදුවුණු එකම සිදුවීම තමයි ඉතාමත්ම සීඝ්ර නිවාස සංවර්ධනයක් සහ ආගමික, සංස්කෘතික ක්ෂේත්‍රයේ කඩිනම් වැඩසටහන් රැසක් අපි නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළා. ඉතින් අපි හිතන ආකාරයට වැඩ කරපු එක වරදක් විදියට දකින කණ්ඩායම් මේ රටේ සිටිනවා. ඒකෙ කිසි ගැටලුවක් නැහැ, අපි කරපු සියලුම ක්‍රියාදාමයන් අපි ඉෂ්ට සිද්ධ කළේ රටේ උන්නතිය උදෙසා, ජනතාවගේ සෞභාග්‍ය උදෙසා, ඒ වගේම අපේ ආගමික පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ නඩුව පැවති පෙරේදා (16) දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...