ශාරුක්ගේ ආගමනය හබක් වෙද්දී සිටි ඔෆ් ඩීම්ස් කැසිනෝවට බැලීස්ගෙන් හීන් නූලේ කින්ඩියක්

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා ආගමනය අවලංගු වීම ඊයේ (18) දිනයේදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්ව තිබුණා.

ඔහු මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටියේ වසර 20 කට පසුවයි. මීට පෙර ශාරුක් ඛාන් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2004 වසරේදී. එහිදී ඔහු කොළඹ පැවැත්වූ ප්‍රසංගයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට ද පත්ව තවත් පිරිසක් තුවාල ලැබුවා.

ඒ අනුව ඒ ඛේදනීය සිද්ධියෙන් දශක දෙකකට පසුව ශාරුක් ඛාන් 2025 අගෝස්තු 02 වනදා පැවැත්වීමට නියමිතව තිබුණු සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සහ එහි නව කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එහි සංවිධායකයින් විසින් නිවේදනය කර, ඊට අදාළ සියලුම කටයුතු සූදානම් ද කර තිබියදී ඊයේ දිනයේදී ප්‍රකාශයට පත්ව තිබුණේ නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක් නිසා ඔහු ඊට සහභාගී නොවන බවක්.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සංවාද සිදුවෙද්දී කොළඹ, බැලීස් කැසිනෝ ආයතනයත් සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් පළකර තිබුණා. එයින් කියැවුණේ “අප පොරොන්දු වන්නේ අපට දියහැකි දේ පමණයි” යනුවෙනි. තමන් පොරොන්දු වන දෙයක් ලබාදෙන බවත් අත්හැර දැමීමක් නොමැති බවත් එහි සඳහන් කර තිබෙන අතර තම ව්‍යාපාරය ගොඩනඟා ඇත්තේ විශ්වාසය මත බවත් එය පවත්වාගෙන යන්නේ අත්දැකීම් මත බවත් අවධාරණය කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...