දුර ගමන් සේවා බස් රථ නැවතුම් ආපන ශාලා නියාමනයට නව වැඩසටහන්!

Date:

කොළඹ LNW:දුර ගමන් සේවා බස් රථ නැවතුම් ආපන ශාලා නියාමනයට නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ ආහාර හා සෞඛ්‍ය පරීක්ෂක සුබ්‍රමනියම් සුදර්ශන් මහතා පැවසීය.

වඩත් ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා දිමේ අපේක්ෂාවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සුදර්ශන් මහතා පැවසුවේ.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ BESPA – Food ව්‍යාපෘතිය එක්ව මහනුවර මහවැලි රීච් හෝටලයේදී මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී සිය දේශනය පවත්වමිනි.

ආහාර සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ඒ මහතා දුර ගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා ආශ්‍රිතව අපිරිසිදු ආහාර අලෙවි වන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි පැවසුවේය. එම ස්ථාන නිරන්තරයෙන් නියාමනය විය යුතු බැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සහභාගීත්වයෙන් සුදුසු ආපන ශාලා නම් කිරීම මෙහිදී සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම වැඩසටහන ලබන වර්ෂයේ මැද භාගය වන විට දීප ව්‍යාප්තව සියලු දුර ගමන් ස්වා මාර්ග ආශ්‍රිතව ක්‍රියාත්මක බව ද ආහාර හා සෞඛ්‍ය පරීක්ෂඛ සුබ්‍රමනියම් සුදර්ශන් මහතා පැවසුවේය.

ආහාර ප්‍රමිතීන්, ආහාර සුරක්ෂිතතාව, නීති අණපනත් සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කිරීම් සිදුවූ අතර ජනමාධ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කේ.ජී.ජයන්ත, මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල, කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ, BESPA – Food ව්‍යාපෘතියේ ආහාර සුරක්ෂිතතා විශේෂඥ මධුෂානී එදිරිසිංහ යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් දැක්වූහ.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ කාර්යයභාර නිලධාරී තනූජ කේ.අබේසේකර මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...