මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු රැසක අනාවරණයක් !

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW:

නිවසක කුලී පදනම් මත රැඳී සිටි යුවළක් මාතලේ කොටුවෙ ගෙදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාතලේ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ නරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 6ක් සොයා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

අදාළ සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

එම සැකකාර යුවළ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හරහා දකුණේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන අහුන්ගල්ලේ බැජී සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට ද වාර්තා වේ.

අදාළ සැකකාරීයන් දැනට ඩුබායි සිටිනා කාන්තාවක් සමඟ එක්ව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව වාර්තා වන අතර, අදාළ කාන්තාවට මත්ද්‍රව්‍ය ලබා දෙන්නේ දැනට ඩුබාහි වෙසෙන දකුණේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවටද තොරතුරු ලැබීි තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...