“Pretty Little Baby” නව පරම්පරාවේ මුවඟ රඳවා, බහු භාෂාමය සංගීත රසය ලොවට දායාද කළ “කොනී”

Date:

සටහන – පුලී

ජූලි 21, කොළඹ (LNW): ඔබ මෑත දිනවලදී TikTok සහ Instagram හි හුරු පුරුදු ගී තනුවක් මුමුණන්නට වී ඇත්නම් එය එක හෙළාම Pretty Little Baby විය යුතුමය. මිලියන සංඛ්‍යාත TikTok පරිශීලකයන්ගේ තම වීඩියෝවන් සඳහා විශේෂයෙන්ම ගැහැණු පාර්ශ්වය තුළ මෙම ගීතය මනාව ප්‍රචලිතය.

1962 දී ගායිකාවක වන කොනී ෆ්‍රැන්සිස් විසින් මුලින් නිකුත් කරන ලද මෙම ගීතය මෑතකදී සමාජ මාධ්‍ය වේදිකාවල නව ජීවයක් ලබා ගත් අතර, ඒ සමඟ නව පරම්පරාවේ රසිකයන් පිරිසක් ද ඊට එක් විය.



ඉකුත් සතියේ දී වයස අවුරුදු 87 පසු කරමින් සිටි කොනී රෝහලේදී මිය ගියේ සංගීත ලෝකයේ ශෝකීය තනුවක් වයමිනි.

කොනී මෑත කාලීනව ඇය බැටකන සෞඛ්‍ය අරගල පිළිබඳව රසිකයන් යාවත්කාලීන කරමින් සිටියාය. ඇය හෙළි කළේ ඇගේ ශ්‍රෝණිය කැඩී ඇති බවත්, අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ඇගේ රෝද පුටුව මත යැපීමට සිදුවන බවත්ය.

කොනී යනු 50 සහ 60 දශකවල “Stupid Cupid”, “Who’s Sorry Now” සහ “Where the Boys Are” ඇතුළු නිර්මාණ තුළින් එකළ ප්‍රස්ථාර සටහන්වල ඉහළින්ම සිටි හයි ක්ලාස් පොප් ගායිකාවකි.

ඇය “Everybody’s Somebody’s Fool” සමඟින් Billboard Hot 100 හි ඉහළටම ගිය පළමු කාන්තාව බවට පත් විය.


ඇගේ වෘත්තීය ජීවිතය තුළ, ඇය ලොව පුරා බහු භාෂාවලින් ගායනා කරමින් සහ ඇමරිකානු දේශසීමාවෙන් ඔබ්බට රසිකයන් වෙත ළඟා වීමට කටයුතු කළාය.

පුළුල් ජාත්‍යන්තර ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීම සඳහා වෙනත් භාෂාවලින් ගීත පටිගත කිරීමට ඇගේ පියා වන ජෝර්ජ් ෆ්‍රැන්කොනෙරෝ විසින් ඇයව දිරිමත් කළ අතර ඇගේ ගෝලීය ආකර්ෂණය පුළුල් කරන්නේ කෙසේද යන්න පිළිබඳ තියුණු හැඟීමක් ඔහුට තිබුණි.

කොනී ෆ්‍රැන්සිස් භාෂා දුසිමකට අධික සංඛ්‍යාවකින් ගීත පටිගත කිරීමට උත්සුක විය. ඒ අතර,
• ඉතාලි
• ස්පාඤ්ඤ
• ප්‍රංශ
• ජර්මානු
• ජපන්
• හෙබ්‍රෙව්
ආදී භාෂා විය.

මෙම බහුභාෂා ප්‍රවේශය ඇයගේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් විය.



“ඇය සැබවින්ම සුවිශාල තරුවක්. වසර ගණනාවක් පුරා ඇය කෙතරම් කාර්‍යබහුලද යන්න සහ ඇය ඇගේ මව් භාෂාවෙන් පමණක් නොව ඕනෑම භාෂාවකින් කොතරම් අලංකාර ලෙස ගායනා කළාද යන්න මම හඳුනා ගත්තා. මට ඇයව පෞද්ගලිකව හමුවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ, නමුත් ඇය ආදරණීය සහ ඉතා අවංක පුද්ගලයෙක් බව මට විශ්වාසයි,” ඔස්ට්‍රියානු රසිකයෙක් වන ජොහාන් ටීබෙන්බැචර් ෆේස්බුක් හි ඔහුගේ උපහාරය බෙදා ගත්තේ කොනී වෙනුවෙන් පවසූ ගුණකතාවක් මෙනි.

Pretty Little Baby හරහා කොනීගේ TikTok පුනර්ජීවනය තුළින් ඈ පිළිබඳව කතාබතා කරළියට ගොඩ බැස්ස කළ ඇය ටික්ටොක් වෙත සම්බන්ධ කර ගැනීමට පෙළඹවිය.

එහිදී ඇය ඊට හෘදයාංගම ස්තූති වීඩියෝවක් පළ කළ අතර ඇය එම වයිරල් වීම ඇයව පුදුමයට පත් කළ බවත්, නව පරම්පරාවේ රසිකයින්ගේ ආදරය ඇයට ලැබීම ගැන ඇය සතුටු වන බවත් වැඩිදුරටත් පැවසීය.

ඉතින් Pretty Little Baby ජීවමාන කරමින් කොනී යන්න ගියත් ඇගේ මතකය සඳා ජීවමාන වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...