සීදූවේ වෙඩිතැබීමක්. මාලිමා මන්ත්‍රීවරයකුගේ පියා තුවාල ලබා රෝහලට !

සීදූව ප්‍රදේශයේදී ඊයේ (ජුලි 21) සිදුකළ වෙඩිතැබීමකින් ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයකුගේ පියා තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ රාත්‍රී 8.15 ට පමණ සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 55 හැවිරිදි අයෙකු වන අතර ඔහු යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූ අයෙකු බවත් සඳහන්.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...