යෝධ සමනළයෙකුගෙන් වැටෙන්නට ගිය කේටි පෙරී ගේ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රසංගය!

සටහන – පුලී

ජූලි 22, කොළඹ (LNW): ලෝක ප්‍රකට පොප් ගායිකාවක් වන කේටි පෙරී ඇගේ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රසංගය අතරතුර සිදුවීමට ගිය විශාල අනතුරක් යන්තමින් වළක්වා ගත් බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන වීඩියෝ දර්ශනයෙන් මනාව පැහැදිලි වනු ඇත.


ඇය පැදගෙන ගිය ව්‍යාජ යෝධ සමනලයෙකු ප්‍රේක්ෂකයින්ට අනතුරුදායක ලෙස සමීපව සිටියදී හදිසියේම මඳ ප්‍රමාණයක් ඇද වැටීමට ලක් විය. මෙම සිදුවීම සිදු වූයේ මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ආරම්භව පවතින කේටි ගේ ජීවිත කාලය පිළිබඳ චාරිකාව අතරතුරය.

සිද්ධියේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල උඩුදුවමින් පවතින අතර යෝධ සමනළයා මත සිටි කේටි හදිසියේම එය ඇලවී වැටෙන්නට යාමෙන් බේරෙන්නේ යාන්තමින් ය. භීතියට පත් ප්‍රසංගය නරඹන්නන් පහළ සිට එම දසුන නරඹන්නට විය.

ඇගේ ඉන්ස්ටග්‍රෑමයෙහි මෙම අනතුර ගැන කතා කරමින්, කේටි “සුබ රාත්‍රියක් සැන් ෆ්‍රෑන්” යන සටහනක් තබා පෝස්ටුවක් ද පළ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...