බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්රියශාන්ත මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සභාපතිවරයා සිය කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 09 වැනිදා මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම විරෝධතාවලට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් බොරලැස්ගමුව සභාපතිවරයාටද චෝදනා එල්ල විය. අදාල ප්රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාලවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.
UN