ඉතිහාසයේ පරිසරයට වැඩියෙන්ම ආදරේ කරන ආණ්ඩුව අපි. මේ අලි ඝාතන අපේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් – ඇමති පටබැඳි

Date:

මේ දිනවල දිගින් දිගටම වාර්තා වන අලි ඝාතන පසුපස කුමන්ත්‍රණයක් පවතින බව පරිසර අමාත්‍ය, වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

“දේශපාලන සම්බන්ධතා පවතින වෘත්තීය සමිති පහුගිය දිනවල වැඩවර්ජනයක් සඳහා සූදානම් වුණා. ඒක මේ අලි මරණත් එක්ක සමපාත වෙලා තමයි ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙන්න හැදුවේ. නමුත් අපි වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරලා කිසියම් මට්ටමකින් ඒක ආපසු හරවාගත්තා. ඒ නිසා මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි කැත දේශපාලනයක යෙදෙන්න එපා. මේ අලි ඝාතනය කරන්නෙ ගොවීන් නෙවෙයි. ගොවීන් තමයි භාතිය ඇතා අසනීප වෙලා ඉන්න වෙලාවේ තමන්ගෙ කිරිවදින ගොයමෙන් ගොයම් ගෙනල්ලා කන්න දුන්නෙ. ඒ නිසා ගොවීන් නෙවෙයි මේ අලින්ට වෙඩිතියලා ඝාතනය කරන්නෙ. මේ පිටුපස කුමන්ත්‍රණයක් තියෙනවා. මේ කුමන්ත්‍රණය හරියට තේරුම් ගන්න. මේ පත්වෙලා තියෙන්නෙ ඉතිහාසයේ පරිසරයට වැඩියෙන්ම ආදරය කරන, පරිසරය වෙනුවෙන් වැඩියෙන්ම මැදිහත් වෙන්න සූදානම් පාලනයක්. එවැනි වැඩපිළිවෙලක් සහිත පාලනයක්. මේ අඩාල කරන්න හදන්නෙ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් නෙවෙයි, අලි ඇතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නෙවෙයි, මේ උත්සාහය තියෙන්නෙ එන්න ඒ පරිසරය ආරක්ෂා කරන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයක් තමයි මේ තියෙන්නෙ”

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...