පිලිපීනයත් ට්‍රම්ප්ගේ බද්ද 19% දක්වා අඩුකරගනී !

Date:

පිලිපීනයත් සමග නව වෙළඳ ගනුදෙනුවට පිවිසෙමින් එරටට පැනවූ තීරුබද්ද 19% දක්වා අඩු කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

ඇමරිකානු ජනාධිපතිවරයා සිය “ටෲත්” සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මේ බව නිවේදනය කර ඇත්තේ පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් (කනිෂ්ඨ) ධවල මන්දිරයේදී හමුවී සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ය.

මෙහිදී පිලිපීනය ඇමරිකාවෙන් එරටට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා තීරුබද්ද 0%ක් වශයෙන් සම්පූර්ණයෙන්ම අඩුකිරීමට එකඟ වී ඇති බව සඳහන්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ජුලි මස මුලදී නිවේදනය කර තිබුණේ පිලිපීනයට 20%ක තීරුබද්දක් පනවන බවකි.

මීටපෙර වියට්නාමය ද මේ ආකාරයෙන් ඇමරිකානු භාණ්ඩ සඳහා 0% බදු ප්‍රතිපත්තියකට එකඟ වී තිබුණු අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එරටට පැනවූ තීරුබද්ද 20% දක්වා අඩුකර තිබිණි. ඉන්දුනීසියාවට පනවා ඇති බද්ද ද 19% කි.

අපනයනයේදී ඇතැම් ක්ෂේත්‍රවලදී මෙම රටවල් හා තරග කරන ශ්‍රී ලංකාවට දැනට නියම වී ඇති බදු ප්‍රතිශතය 30%ක් වන අතර එය තවදුරටත් අඩුකරගැනීම සඳහා සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවයි රජය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...