කොරියාවට යනවා නම් මේ පාරෙන් යන්න!

Date:

කොළඹ LNW:”කොරියාවට යනවා නම් හරි පාරෙන් යන්න.සල්ලි ගෙවලා කෙටි මාර්ගවලින් කොරියාවට යන්න උත්සාහ කරලා හෝ එවැනි කෙටි මාර්ගවලින් කොරියාවට ගිහින් ඔබ කරදරවලට වැටෙන්න එපා” යැයි කොරියානු මහචාර්ය සන්ග් ජින් කිම් (Sung jin Kim) මහතා පවසයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ද උපාධාරියෙක් වන මහචාර්ය කිම් වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචිය ඇති අයෙකි.

ජනමාධ්‍යවේදියෙක් ද වන කිම් මහතා ශ්‍රී ලංකාවෙන් කොරියාවේ රැකියාව සඳහා සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට යන තරුණත් තරුණියන් සඳහා කොරියානු භාෂාව ඉගෙන ගැනීමට උදව් කිරීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේ පසුගියදා (21) Journey wise Migration ආයතනය මෙහෙයවීමෙන් ජාඇල ප්‍රදේශයේ පැවති කොරියාවේ රැකියා සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යාමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ හමුවීමක් අමතමිනි.

”ඔබ කොරියාවේ යාමට බලාපොරොත්තු වන්නේ නම් පළමුවෙන්ම ඔබ කොරියානු භාෂාව හොඳින් ඉගෙන ගත යුතුයි. විශ්වවිද්‍යාලයට යාමට සහ රැකියාවක් සඳහා යාටම අදාල විභාග ඔබ සමත් විය යුතුයි. භාෂාව හොඳින් ඉගෙන නොගෙන ඔබ විවිධ වංචාකාරී පුද්ගලයන්ගේ කතාවලට හසු වී කෙටි මාර්ගවලින් සහ ට්‌ourist හෝ Festival වීසාවලින් කොරියාවට ගොස් ඒ රටේ රැකියා කිරීමට බලාපොරොත්තු වෙන්න එපා. නමුත් කොරියාවේ විශ්වවිද්‍යාලවල අද මුළු ලෝකයම පිළිගත් උපාධි සඳහා ඔබට යන්න පුළුවන්. ඔබට කොරියාවේ රැකියාවක් සඳහා හෝ විශ්වවිශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් ඒ සඳහා භාෂාව ඉගෙන ගැනීමට සහ අනිත් උදව් කරන්න අපි සූදානම්. ඒ සඳහා ඔබ යා යුත්තේ නීත්‍යානුකූල මාර්ගවලින් පමණයි.”

මෙම අවස්ථාවට Journey wise Migration ආයතනයේ සභාපති ශවින් තරුෂි මහතා ද එක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...