අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ ජනපති අනුර!

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි.

ජනාධිපතිවරයා, උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබෙන අස්ගිරි මහා විහාරයීය අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි අනුස්මරණ ශාලාව වෙත පැමිණ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වූ අතර, අස්ගිරි විහාර පාර්ශ්වීය මහා සංඝරත්නය වෙත සිය සාතිශය සංවේගය පළ කර සිට ඇත.

පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවකද නිරත වි තිබෙන බවද ජ්නාධිපති මාධ්‍ය අංශය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...