Trincomalee Naval Exercise – TRINEX 25 ඇරඹෙයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ (Trincomalee Naval Exercise – TRINEX 25) සමාරම්භය ඊයේ  (2025 ජුලි 22) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදුකෙරුණු අතර, මෙම අභ්‍යාසය 2025 ජුලි මස 26 දින දක්වා  ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික වීධාන මුහුදු තීරය ආශ්‍රිතව, නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය,  මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන්  පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

ස්ථාවර සාගර කලාපයක් පෝෂණය කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී  ලංකා නාවික හමුදාව දේශීය ජල තීරයේ සිට ජාත්‍යන්තර  මුහුද දක්වා සිදුකරනු ලබන පුළුල් පරාසයක ආවේක්ෂණ කටයුතු හා මෙහෙයුම් එකාබද්ධ ප්‍රවේශයකින් සිදුකිරීමේදී, නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්තර් ක්‍රියාකාරීත්වය හා මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් සහ නාවික හමුදා නෞකා බලඇණිය ජාත්‍යන්තර  සමුද්‍රීය අභ්‍යාස සඳහා අනාගතයේදී සහභාගිවීමේදී අවශ්‍ය නව දැනුම කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීමේ  අරමුණෙන් පවත්වනු ලබන මෙම පුහුණු අභ්‍යාසය වරාය අදියර සහ මුහුදු අදියර වශයෙන් අදියර දෙකකින් සමන්විත වේ.

ඒ අනුව, ඊයේ  (2025 ජුලි 22) ආරම්භ කෙරුණු වරාය අධියරේදී මෙම අභ්‍යාසයට අදාළව පණිවිඩ හුවමාරු ක්‍රම සහ ආරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳව අභ්‍යාසයට සහභාගීවන නෞකා හා යාත්‍රාවන්ගේ කාර්යය මණ්ඩල සහ ශ්‍රී   ලංකා ගුවන් හමුදා කාර්යය මණ්ඩල දැනුවත් කිරීම, දැනුම සහ පසුගිය අභ්‍යාසයන්ගෙන් ලද අත්දැකීම් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.මෙම අභ්‍යාසයේ මුහුදු අධියර අද එනම් 2025 ජූලි මස 23 සිට 26 දක්වා නැගෙනහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, අභ්‍යාසයේ අවසන් දේශනය ජුලි 27 වැනි දින පැවැත්වේ. අභ්‍යාසය සඳහා ශ්‍රී  ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකාද, නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වේග ප්‍රහාරක යාත්‍රා මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානාද එක්වීමට නියමිතව ඇත.

මෙම අභ්‍යාසයේ මුහුදු අදියරේදී, නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාස (MISCEX), පාවෙන ඉලක්ක වෙත වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස (SUFTX), නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාසය (SCREENEX), මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව (VERTREP), මුහුදේදී නෞකා අතර විදුලි ආලෝක දැල්වීම මඟින් පණිවිඩ හුවමාරුව (FLASHEX), අවි හැසිරවීමේ අභ්‍යාස (GUNNEX), මුහුදේදී නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස/ මුහුදේදී ගුවනින් නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (VBSS/ HVBSS), නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස, සෙවීම් හා මුදා ගැනීමේ අභ්‍යාස (SAREX) සහ තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC) ඇතුළු සමුද්‍රීය අභ්‍යාස සිදුකිරීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...