2025 ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ශිෂ්ටාචාර සංවාදය ඇරඹේ!

Date:

කොළඹ LNW:2025 ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ශිෂ්ටාචාර සංවාදය චීනයේ Tianjin නගරයේදී ආරම්භ වුණා.

චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය, චීන විදේශ භාෂා කාර්යාංශය සහ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ලේකම් කාර්යාලය එක්ව මෙම සංවාදය පවත්වනවා.

“ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ප්‍රචලිත කරමින් ෂැංහයි සහීයෝගතා සංවිධානය සඳහා පොදු නිවහනක් ගොඩනැගීම” යන්න මෙම සංවාදයේ තේමාවයි. ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල නියෝජිතයින් 300 කට වැඩි පිරිසක් මේ සඳහා එක්ව සිටිනවා.

මේ අතර මෙහිදී “පොදු ඩිජිටල් ශිෂ්ටාචාර ප්‍රජාව: චීනයේ මුලපිරුම සහ ෂැංහයි සහයෝගතා සංවිධානයේ අනාගතය” නමැති වාර්තාව ද නිකුත් කෙරුණා. වඩාත් සාධාරණ, සහයෝගී සහ තිරසර ගෝලීය ඩිජිටල් සංවර්ධන රටාවක් ගොඩනැගීම සඳහා චීන විසඳුම සහ “ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ශක්‍යතාව ” භාවිත කිරීම මෙහි අරමුණයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙඩි බිස්නස්වලට අහුවෙන්න කලින් කියවන්න ….

ගෙඩි බිස්නස් . එහෙම නැත්නම් පොත්පත් වල ප්‍රශ්න තියන...

මඩකලපුව හිටපු OIC ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා ත්‍රස්තවාදය...