මඩකලපුව හිටපු OIC ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මඩකලපුව පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වන වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරිමේ සිද්ධිය සම්බ්නධයෙන් වන සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, විමර්ශනය නොමග යවනසුළු සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම, නිවැරදි කරුණු අනාවරණය නොකිරීම ඇතුළු කරුණු යටතේ සැකපිට ඔහු අත්අඩංගුව ගත් බව CIDය අධිකරණයට දැනුම් දී ඇත.

එසේම හිටපු ස්ථානාධිපතිවරයා මේ වනවිට පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බවත් අවශ්‍ය වුවහොත් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්න බවත් CIDය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.

මෙම හිටපු ස්ථානාධිපතිවරයා කන්තලේ, වාන්ඇල පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරමින් සිටියදී පෙරේදා (22) CIDය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කළේ කුමක්ද ?

රනිල් අරගලයෙන් පස්සේ බලය ගත්ත එක සහ එම බලය...

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...