තුර්කියේ ලැවුගිනි හේතුවෙන් 10 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග තුර්කියේ එස්කිසෙහිර් පළාතේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමේදී ගිනි නිවන භටයින් සහ ගලවා ගැනීමේ සේවකයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුර්කි කෘෂිකර්ම හා වන විද්‍යා අමාත්‍ය ඉබ්‍රහිම් යුමක්ලි ඊයේ(22)දිනයේදී පැවති විශේෂ සාකච්ජාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, ගිනි නිවන භටයින් 24 දෙනෙකු පෙර දින ලැව් ගින්නට කොටු වීමෙන් ඔවුන් ගලවා ගැනීමට කටයුතු කළ වන සංරක්ෂණ සේවකයින් පස් දෙනෙකු සහ ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළ ගලවා ගැනීමේ සේවකයින් පස් දෙනෙකු මෙසේ මියගිය බවයි.

අධික උෂ්ණත්වයක් සහ තද සුළං හේතුවෙන් ඉස්තාන්බුල් සහ අගනුවර වන අන්කාරා අතර ලැව්ගිනි ඇති කර ඇති අතර, පැතිර යන ගිනිදැල් නිවාසවලට තර්ජනයක් වී ඇති අතර බොහෝ පිරිසක් ආරක්ෂිතමය ස්ථාන වෙත යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍යන්හි සටහනක් එක් කරමින් තුර්කි ජනාධිපති රිසෙප් ටයීප් එර්ඩෝගන් සඳහන් කර තිබුණේ, තම ජීවිත පරිත්‍යාගයෙන් අපගේ වනාන්තර ආරක්ෂා කිරීමට සටන් කළ වින්දිතයින්ට ප්‍රශංසා කරණ බවත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිය කනගාටුව ප්‍රකාශ කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සේනානායක සහ ඩඩ්ලි සිරිසේන

උපාලි කොළඹගේ කොළඹ LNW:මෙතෙක් සාමාන්‍ය ජනතාව අතර පිළිගැනීම වූයේ අභාවප්‍රාප්ත...

‘බස් ලලියා’ගේ ගෝලයින් 4ක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මෙරට සංවිධානාත්මක...

හෙට (27) දින මාලදිවයිනට විශේෂ දිනයක්!

රෂිකා හෙන්නායක ජූලි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙට (27)...

පොලිසිය අවසන් සටනට

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...