සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් කැපීමේ චාරිත්‍රය අද අලුයම මාවනැල්ල අලුත් නුවර දේවාලයේදී!

Date:

කොළඹ LNW:හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන වන සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ කප් සිටුවීම සඳහා කප් කැපීමේ පුරාණ චාරිත්‍රය අද (24) අලුයම යෙදුණු සුබ මොහොතින් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී සිදුවිය.

ඇසළ පෙරහැර ආරම්භයට ප්‍රථමයෙන් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී කප් සිටුවීම සිදුවන අතර ඒ සඳහා පුරාතනයේ සිට යොදා ගනුයේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේ පිහිටි කිරි සහිත ඵල නොදැරූ කොස් ගසකි.

අද අලුයම 04.32ට යෙදුණු සුබ මොහොතින් කප් කැපීම සිදුකරන ලද්දේ එම චාරිත්‍රය ඉටු කරන වන්නක්කු රාළ විසිනි. තෝරාගත් ගස වටා පිරිසිදු කොට තිර ඇද, ගස සුවද පැනින් නාවා, සුවද දුම් අල්වා සුභ මූර්තියෙන් ගස නැගෙනහිර දිශාවට වැටෙන සේ කපා හෙළීම සිදුකරයි.

මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ මෙහෙයවීම මත මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා විසින් වන්නකුරාල වෙත රීදී පොරව ප්‍රදානය කළ අතර අනතුරුව සුබ මොහොතින් නැගෙනහිර දිශාවට වැටෙන සේ කප හෙළීම සිදුකෙරිණි.

පසුව සුදු රෙදි කඩින් ඔතා සිදු වියන් සහිතව මහ පෙරහැරින් කප අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල වෙත වැඩම කොට පුද චාරිත්‍ර පැවැත්වීමෙන් පසුව එය මහ පෙරහැරින් මහනුවර විෂ්ණු දේවාලය කරා වැඩම කිරීම සිදුවිය.

අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා, විදානේ රාළ වන වරුණ බණ්ඩාර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාන්ට්ගේ අවධානය මකා මතු වූ රූට්ගේ අභිමානය

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ...

ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන IMF වෙතින් පැසසුම්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව...

සතෙකු වුවත් ඇයත් මවක්: හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනයේ සුලමුල …

රෂිකා හෙන්නායක ජූලි 27කොළඹ LNW : හීනුගල රක්ෂිතයේ මුවදෙනකු...

ඩඩ්ලි සේනානායක සහ ඩඩ්ලි සිරිසේන

උපාලි කොළඹගේ කොළඹ LNW:මෙතෙක් සාමාන්‍ය ජනතාව අතර පිළිගැනීම වූයේ අභාවප්‍රාප්ත...