අත්‍යාවශ්‍ය සැකකරුවකු මහරගමදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ:

මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී, දේපල සොරකම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ, මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේදී බව දැක්වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, එහිදී සොරකම් කරන ලද යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි .

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම යතුරු පැදිය හෝමාගම පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරු පැදියක් බවට අනාවරණය වී තිබෙන බව පැවසේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කොට්ටාව, කැස්බෑව සහ මහරගම පොලිස් වසම්වලදි සැකකරු විසින් සිදුකර ඇති ගෙවල් බිදුම් හා දේපල සොරකම් රැසක් ද අනාවරණය වී ඇති බවයි.

සැකකරු විසින් සොරකම් කරන ලද රූපවාහිනියක්, කැමරාවක්, ජංගම දුරකථන 05ක් ඇතුළු දේපල රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලිසීය පවසයි.

මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...